සලේ වෙනුවෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් හෙළාදැක ඇත.
සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පිළිබඳ පරීක්ෂා කරබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර තිබේ .
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් භයානක තත්ත්වය තම පක්ෂය දකින අතර, සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් අදාළ නිවේදනයේ තව දුරටත් සදහන් වේ .
මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගනු ලබන සෑම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බව එක්සත් ජාතික පක්ෂය දැනුම් දී ඇත
රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැඩි සුපරීක්ෂාකාරීව සිටින බවද අදාළ නිවේදනය මඟින් අවධාරණය කර ඇත.