''අධිකරණය ස්වාධීන වෙනකොට මට නිදහස ලැබෙනවා'' සිරගත වෙන්නට මොහොතකට පෙර සරණ කියූ දේ මෙන්න

Report

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව ගොනු කර තිබූ චෝදනාවලට ඔහු වරදකරු බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ .

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ මෙම චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව අද (9) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනාවලට වරදකරු කළ සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 06ක දඩයක් ද නියම කර තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා 2006 වසරේදී එවකට රාජ්‍ය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ නැමැති වරද සිදුකර රජයට විශාල පාඩුවක් කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

සිර දඬුවම් ලැබීමට පෙර සරණ අවසන් වතාවට මාධ්‍යට සදහන් කළේ මෙවැන්නක් 

'' මම හිතන්නේ මට ජයග්‍රහණය ලැබෙයි .අධිකරණය ස්වාධීන වෙනකොට මට නිදහස ලැබෙනවා . මේ නඩුවේ එක ශාක්ෂි කාරයෙක් මට විරුද්ධව වචනයක් කතා කරන්නේ නෑ .කතා කරන්නත් බෑ. මේක අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තු තීන්දුවක් මට විතරක් නඩුව වැටුණ එක වෙන කතාවක් .කිසිම කෙනෙක් මේක වැරදී කියන එක කියලා නෑ . අධ්‍යක්ෂක මණ්ඩලයට එකග වෙනවා. වාහන 13 කට ගත්තා. මම නීත්‍යානුකූලව 10 ක් ගත්තා ,,