අධිකරණ ඇමති වහාම ධූරයෙන් ඉල්ලා අස්වෙන්න - ඇමතිගේ පට්ටම ගලවන්න හදන තලතා

Report

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තම ක්‍රියාවන් සඳහා වගකීම භාර ගන්නා බව පෙන්වීමට තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඊයේ මීගමුව බන්ධනාගාර ගැටුමේදී සිදු වූ මරණ සඳහා වගකීම භාර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත්ය.

රට පුරාම වෛරසය පැතිරිලා - මොරටුව විශ්වවිද්‍යාලය වැසීමට නියෝග - රටම ලොක්ඩවුන්ද?

රට පුරාම වෛරසය පැතිරිලා - මොරටුව විශ්වවිද්‍යාලය වැසීමට නියෝග - රටම ලොක්ඩවුන්ද?

"බන්ධනාගාර කැරැල්ලෙන් පෙන්නුම් කළේ රජයට පාලනය කිරීමට ඇති නොහැකියාවයි. බන්ධනාගාරයක් පවා කළමනාකරණය කළ නොහැකි නම් මෙම රජය රට පාලනය කරන්නේ කෙසේද? ඔවුන් කාලයක් තිස්සේ බන්ධනාගාර කටයුතුවලට ඇඟිලි ගසමින් සිටිති. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කිසිදු වලංගු හේතුවක් නොමැතිව වැඩ තහනම් කරන ලද නමුත් මානව හිමිකම් කවුන්සිලය ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙස නිර්දේශ කර තිබුණි, එබැවින් මීගමුව බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන්ගේ මරණ සඳහා වගකීම භාර ගැනීම පමණක් අමාත්‍යවරයාට ප්‍රමාණවත් නොවේ. ඔහු තම තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය," ඇය තවදුරටත් පැවසුවාය.

"ලෑලි දොරත් කැඩුවා නම් වෙන දේ හිතාගන්න බෑ" - වෙඩි තැබීමට හේතුව බන්ධනාගාර ප්‍රධානියා හෙලි කරයි

"ලෑලි දොරත් කැඩුවා නම් වෙන දේ හිතාගන්න බෑ" - වෙඩි තැබීමට හේතුව බන්ධනාගාර ප්‍රධානියා හෙලි කරයි