රනිල් ගොඩ දාලා දීපු රට ආයේ විනාසයි.. රජය බරපතළ ආර්ථික අර්බුදයක් බවට එජාපයෙන් නිවේදනයක්

Report

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පාලනයකින් තොරව ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා වර්තමාන රජය බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස 20 කට පෙර වර්තමාන රජයට රට භාරදෙන විට ඩොලරයක අගය රුපියල් 292 ක්ව පැවති බවත්, පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද වනවිට එය රුපියල් 354 දක්වා ඉහළ ගොස් ඇති බවටත් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.

එසේම හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙනයාමට වත්මන් පාලනය අසමත්වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව බවත් දේශීය හා ජාත්‍යන්තර පීඩනය හමුවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි පෞද්ගලික අංශයද කනස්සල්ල පළ කර ඇති බවත් අවධාරණය කර ඇති අඳාළ නිවේදනයේ රුපියල බිඳවැටීම හේතුවෙන් ඇතැම් අපනයන කර්මාන්ත ඉහළ ලාභ ලැබුවද, ජීවන වියදම ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාව සහ සේවකයින් දැඩි පීඩාවකට පත්වන බවත් සඳහන්.

එන සතියේ ඉඳන් බදු තවත් වැඩි වෙනවා...හර්ෂ පාර්ලිමේන්තුවෙදිම වෙන්න යන විනාසේ ගැන අනතුරු අඟවයි

එන සතියේ ඉඳන් බදු තවත් වැඩි වෙනවා...හර්ෂ පාර්ලිමේන්තුවෙදිම වෙන්න යන විනාසේ ගැන අනතුරු අඟවයි

තවද ඇඟලුම් වැනි ක්ෂේත්‍රවල අපනයනකරුවන් අපනයන වර්ධනයක් පුරෝකථනය කළත්, ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොළ හැකිලීම කෙරෙහි අවධානය යොමු කර නොමැති බවත්, විශේෂයෙන්ම යුරෝපීය වෙළඳපොළවල් පීඩනයකට මුහුණ දෙමින් ආනයන සීමා කිරීමට විකල්ප සොයමින් සිටින බවත් එහි දක්වා ඇත.

ඊට අමතරව මෙරට ඇඟලුම් කර්මාන්තය ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසින් බවත්, හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, ආර්ථිකය විවෘත කරමින් විදේශ ආයෝජන දිරිමත් කළ අතර, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ක වැඩසටහන හරහා මෙම ක්ෂේත්‍රය දියුණු කළේ මහජනතාවගේ යහපත සහ ජාතික ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් බවත් සඳහන් කරන එක්සත් ජාතික පක්ෂය, හුදු ලාභාංශ වැඩි කරගැනීමෙන් ඔබ්බට ගොස්, වර්ධනය වන ආර්ථික දුෂ්කරතාවල බර තමන් යටතේ සේවය කරන සේවකයින් මත පැටවීම වැළැක්වීමට කටයුතු කරන්නැයි සියලුම අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාවට රතු එළියක් - ආසියාවේ නරකම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි

බ්ලූම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාවට රතු එළියක් - ආසියාවේ නරකම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි

බිමට බැස්ස වෙලාවේ රත්තරන් ගත්තේ නැති අයට නරක ආරංචියක් - අද ආයේ රන් මිල වැඩි වෙයි

බිමට බැස්ස වෙලාවේ රත්තරන් ගත්තේ නැති අයට නරක ආරංචියක් - අද ආයේ රන් මිල වැඩි වෙයි

අඳාළ නිවේදනය පහතින්,   


GalleryGallery