දුක්වුණු,කොන්වුණු කාලේ ඉවරයි එයාලටත් සරසවියට යන්න රජයෙන් විශේෂ වැඩක්

Report

යම් කිසි ශාරීරික ආබාධයක් හේතු කොට ගෙන හෝ මානසික ආබාධයක් හේතු කොට ගෙන ජීවිතයේ අවශ්‍යතාවයන් තමා විසින් තමා සඳහා කර ගැනීමට නොහැකි තැනැත්තෙක් ආබාධිත තැනැත්තෙක් වශයෙන් හඳුන්වන අතර ශ්‍රී ලාංකික ජනගහනයෙන් වැඩි පිරිසක් දිනෙන් දින ආබාධිතයැයි සැලකෙන පිරිස අතරට වැටෙන අතර මෙය උපතින්ම පවතින හෝ එසේ නොවන අයද වේ.

අධ්‍යාපනය ලැබීමද ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් ඒ අනුව සරසවි අධ්‍යාපනය ලැබීමට වරම් ලබන ආබාධිත සිසුන් සුවිශේෂී වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම්.

විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න

විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න

ඒ අනුව ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පවසනවා.

පාර්ලිමේන්තුවේදී පැවැති උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර සාකච්ඡාවකදී කොමිෂන් සභාව විසින් මේ බව සඳහන් කර තිබෙනවා.

රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම

රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම

එමෙන්ම, විශ්වවිද්‍යාලවලට සම්බන්ධ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ඒ අනුව, බාහිර උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොළ තුළ ස්ථානගතවීම සම්බන්ධයෙන්ද, බාහිර උපාධිවල ගුණාත්මකභාවය මෙන්ම ඒවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඊට අමතර, ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්නා සිසුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය