බොරැල්ලේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් - වනාතේ චතූගේ ගෝලයෙක් යැයි සැකයක්

Report

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත 141 වත්තේ පිහිටි නිවසකට අද (23) පෙරවරුවේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ 'වනාතේ චතූ' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීප ගෝලයෙකුගේ නිවසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් අදාළ අත්බෝම්බය නිවස දෙසට විසි කර පළායන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

කෙසේවෙතත්, අත්බෝම්බය විසි කළද එය පුපුරා ගොස් නොමැති අතර, සිද්ධියත් සමඟ අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් අතර වෛරී පිරිමැසීම් සඳහා මෙලෙස නිවෙස් ඉලක්ක කරගනිමින් අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ නව ප්‍රවණතාවක් පසුගිය දිනවල වර්ධනය වෙමින් පවතින බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මීට පෙර රත්මලාන, ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ පිහිටි නිවසකට ද මෙලෙස අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එහිදී එක් බෝම්බයක් පුපුරා ගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.