වාහන ගෙන්වීමේදී ලොකු අයට ලොකු හැන්දෙන්, පොඩි අයට පොඩි හැන්දෙන් බෙදන අලුත්ම ජාවාරම..

Report

වාහන ආනයනයට අවසර ලබාදීමෙන් පසුවත්, ආනයනය කරන ලද සමහර වාහන තවමත් නිදහස් කර ගැනීමට අවස්ථාවක් ලැබී නැතැයි තොරතුරු වාර්තා වේ.

Toyota Raize Hybrid 1200CC කාර් රථය, පුද්ගලිකව හා වාහන අලෙවිකරුවන් විසින් ආනයනය කරනු ලැබුවත්, එහි නිෂ්පාදන රට සහ සමාගම විසින් එය Hybrid රථයක් ලෙස ලිඛිතව සඳහන් කර ඇත.

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

නමුත්, මෙරට බලධාරීන් එය Hybrid රථයක් ලෙස පිළිගන්නේ නැති අතර, ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ලබාදීමට උත්සාහ කරන බව වාර්තා වේ.

වාහන ආනයනයට අවසර දෙන විට, රේගුව මෙම රථය සඳහා සම්පූර්ණ බදු මුදල ලෙස රුපියල් 6,090,000ක් සඳහන් කර ඇත. එහෙත්, Hybrid නොවන 1000CC රථයක සම්පූර්ණ බදු මුදල රුපියල් 4,800,000ක් ලෙස දැක්වේ.

රේගු නිලධාරීන් මෙම රථය Hybrid රථයක් ලෙස පිළිගන්නේ නැති නිසා, එය නිෂ්කාශනය කිරීම ද අත්හිටුවා ඇත. මෙය රජයේ තීරණවලට වඩා බොහෝ පරස්පරතා ඇති සිදුවීමක් ලෙස සැලකේ.

ජේවීපී කාරයෝ මොක්කුද? - ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ..- නිර්මාල් රංජිත් කියයි

ජේවීපී කාරයෝ මොක්කුද? - ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ..- නිර්මාල් රංජිත් කියයි

එසේම, රේගු නිලධාරීන් පවසන්නේ, ජනාධිපති කාර්යාලයෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලැබී නැති බවයි.

පුද්ගලික වාහන ආනයනකරුවන් පවසන්නේ, මේ පිළිබඳව අදාළ බලධාරීන් මැදිහත් වී ක්‍රියාමාර්ග ගත යුතු බවයි. 

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී ඉන්ධන දීමනාව එපා කියයි!

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී ඉන්ධන දීමනාව එපා කියයි!