ආයෙත් යුද්ධ කරයිද? ඉරානෙට ආයෙත් සම්බාධක දාලා

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට අදාළ ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසුවයි එමෙන්ම එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් ඉකුත් මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යවා ඇත.

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

එමගින් ඉරානය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන්. මෙම සම්බාධක වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ගැනීම වෙනුවෙන් ඉරානයට දින 30ක කාලයක් ලබා දී ඇති අතර ඉරානය එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සේවය කළ තානාපතිවරුන් කිහිපදෙනෙකු නැවත කැදවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙනවා.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

සම්බාධක පැනවීමේ තීරණය මාස 6 කින් ප්‍රමාද කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරුණද සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය තුළ ඊට ලැබුණේ ඡන්ද 4ක් පමණක් වන අතර අදාළ සම්බාධක අද (28) සිට බලාත්මක බවද වාර්තා වෙනවා.

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි