තවත් භයානක රෝගයක් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානම් ප්‍රදේශ ලෙස සලකා ගැසට් නිවේදනයක්

Report

පසුගියදා සූකර උණ රෝගී තත්ත්වය නිසා සත්ත්ව  ගොවිපළ සහ කැලෑ පොද ප්‍රදේශවල ජීවත් වූ ඌරන්  විශාල ප්‍රමාණයක් මිය යාම සිදුවිය.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 13 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ

තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබෙනවා. ඒ අනුව කොට්ඨාශ භාර පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන් හෝ ඌරු මස් හෝ එම නිෂ්පාදනයන් ආසාදිත හා අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මෙන්ම ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොල පැවැත්වීම තහනම් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි