වහාම රටින් පිටවෙන්න - රටවල් තම පුරවැසියන් ඉවත් කරගනී - තත්ත්වය නරක අතට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ අවදානම සැලකිල්ලට ගනිමින්, බ්‍රිතාන්‍යය ඇතුළු ප්‍රබල රාජ්‍යයන් කිහිපයක් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ පුරවැසියන් කලාපයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ඉරානයේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇති බවත්, අත්‍යවශ්‍යම කරුණකට හැර ඊශ්‍රායලයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ද සිය පුරවැසියන්ට දැනුම් දී ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් කරන්නේ ඊශ්‍රායලයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ද සිය හදිසි නොවන සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය නම් ඊශ්‍රායලයෙන් පිටවීමට අවසර ලබා දී ඇති අතර, ඉරානය තුළ ඇතිවිය හැකි සතුරු ප්‍රහාර හෝ යුදමය තත්ත්වයන් හේතුවෙන් චීනය, ඉන්දියාව සහ කැනඩාව යන රටවල් ද එහි වෙසෙන සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙස දන්වා ඇති බවයි.

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි