හෝමුස් සමුද්‍ර සන්ධියේ බදු අය කිරීමේ ඉරාන යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරෝධය

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකා සඳහා බදු පැනවීමට ඉරානය ඉදිරිපත් කර ඇති යෝජනාවට බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ඉරානය සහ ඇමෙරිකාව අතර ඇති වූ සටන් විරාමයේ කොන්දේසියක් ලෙස, මෙම මූලෝපායික මුහුදු මාර්ගය හරහා ගමන් කරන නෞකාවලින් මුදල් අය කිරීමට ඉරානය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ නාවික මාර්ගයේ නිදහස් ගමනාගමනය යළි ස්ථාපිත කිරීම සහ ඉරානයේ කොන්දේසිවලට එරෙහි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍යය මැදිහත් වී තිබේ.

2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

ඒ අනුව, ලබන සතියේදී රටවල් රැසක සහභාගීත්වයෙන් යුත් විශේෂ හමුවක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව සඳහන් වේ.

ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම මුහුදු මාර්ගය සඳහා බදු පැනවීම ලෝක වෙළෙඳපොළට අහිතකර ලෙස බලපානු ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

මේ හේතුවෙන් නිදහස් නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා සාමූහික පියවරක් ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කර ඇත.

විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් - හේතුව මෙන්න

විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ලිපියක් - හේතුව මෙන්න