2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න ජනාධිපති ලේකම්ගෙන් CID යට පැමිණිල්ලක්

Report

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් අද (11) ඉදිරිපත් කර ඇත.

2009 සිට මේ දක්වා ආනයනය කරන ලද සියලු ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

 ජන මාධ්‍යවලත් පාර්ලිමේනතුව තුළත් සමාජ මධ්‍ය තුළත් ගල් අඟුරු ආනයනයේදී සිදු කෙරුණු වංචා සම්බන්ධයෙන් දිගින් දිගටම පසුගිය දිනවල චෝදනා එල්ල කෙරුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?

ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?

 ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව සදහන් වේ