අමෙරිකාවේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ලන්ඩනයේ දී පොලිස් අත්අඩංගුවට, හේතුව මෙන්න
By Kanchana
අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ කාර්යාලයක විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට මැන්ඩෙල්සන් සාමිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
72 හැවිරිදි මැන්ඩෙල්සන් සාමිවරයා උතුරු ලන්ඩනයේ, කැම්ඩන්හි පිහිටි සිය නිවසේ සිටිය දී පොලීසිය විසින් ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණය එක්ක මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක් - රථ වාහන ගිනි තියලා යුධ කලාපයක් වෙයි
රජයේ අමාත්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටිය දී ලිංගික අපරාධකරුවෙකු සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ආමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහුව සේවයෙන් පහකරනු ලැබීය.