කමේනිගේ මරණයේ උණුසුම යන්නත් කලින් ඉරානයට නව නායකයෙක්

Report

ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාෆි පත්කර තිබේ.

වාර්තාවන්ට  අනුව, ඉරානයට නව උත්තරීතර නායකයෙකු තෝරාගැනෙන තෙක්, උත්තරීතර නායකයාගේ භූමිකාව ඉටු කිරීමේ කාර්යය ඔහුට පැවරී ඇත.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉන්පසු ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අගවිනිසුරු ගොලම්හොසේන් මොත්සේනි එජෙයිසමඟ අලිරේසා අරාෆි තාවකාලික නායකත්ව මණ්ඩලයේකොටසක් ලෙස කටයුතු කරයි.

මේ අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ (28) දිගුකාලීන සතුරාට එරෙහිව ආරම්භක ප්‍රහාරයේදී මිනිත්තු කිහිපයක් තුළ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 30 දෙනෙකු සමඟ උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමටසමත් වූ බව ඊශ්‍රායලයේ චැනල් 12 නාළිකාව වාර්තා කරයි.

තත්ත්වය බිහිසුණු අතට - ඕමාන වෙරළාසන්නයේ තෙල් නෞකාවකටත් ප්‍රහාරයක්

තත්ත්වය බිහිසුණු අතට - ඕමාන වෙරළාසන්නයේ තෙල් නෞකාවකටත් ප්‍රහාරයක්