පොලිස්පතිගෙන් ලොකු ඉල්ලීමක්

Report

මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීම වෙනුවෙන් ජනතාව ද පොලිසියට සහයෝගය ලබා දිය යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම මේ සදහා දැනටමත් සැලැස්මක් ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සදහන් කළ ඔහු පළ කළේ මෙවැනි අදහසක්,

''විශේෂයෙන් නගරවල මේ ව්‍යසනය නැති කරන්න පෙළ ගැසෙන්න ඕනෙ. අනාගතයක් නැති කරගන්නාවූ පිරිසක් අපි නොහිතුවට නිර්මාණය වෙලා තියනවා. ඒ නිසා මෙය වැළැක්වීමට ගමේත් නගරයේත් ,පන්සලේත් ආදී සෑම ආයතනයකම දායකත්වය ලබා දිය යුතුයි. තව ටික දවසකින් මේ සදහා චක්‍රලේකයක් එනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින් මේ විදිහට තව කෙනෙක් විනාශ කරන රැකියා කරන්න එපා. වෙනත් වෘත්තියක් තෝරගන්න. තවද ජනාධිපතුමා ''රටම එකට ඉවත්වෙමු'' කියන තේමාවෙන් මත්ද්‍රව්‍යයෙන් සියල්ලෝම ඉවත් කරවීම සදහා විවිධ වැඩ කටයුතු කරනවා. එය ඒකාබද්ධ වැඩසටහනක්. ඒ වගේම මේ සදහා මුළු රටම දායක කරගැනීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි.''

ජල ටැංකියකට වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

ජල ටැංකියකට වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ  කළේ එළඹෙන 30 වෙනිදා මෙහි ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන  බවයි.

කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කොටු

කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කොටු