නුවරඑළියේ ඉන්න අයට සුබ ආරංචියක් - විශේෂයෙන්ම මේ පාරිභෝගිකයන්ට බලන් හිටපු අවස්ථාවක්
Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය දක්වා ව්‍යාප්ත කිරීමත් සමඟ, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසට හෝ නවාතැනටම ගෙන්වා ගැනීමේ පහසුව උදා වී තිබෙනවා.
ඒ ඔස්සේ පාරිභෝගිකයින්ට නිවසින් බැහැරට නොගොස් දේශීය අවන්හල් රැසකින් ආහාර ඇණවුම් කළ හැකි අතර, රාත්‍රී කාලයේදී පවා පහසුවෙන් ආහාර ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.
මේ අතර නුවරඑළිය ප්‍රදේශයේ සුවිශේෂී දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ආහාරවල උණුසුම සහ ගුණාත්මකභාවය සුරක්ෂිත වන ලෙස විශේෂයෙන් නිර්මාණය කරන ලද උෂ්ණත්ව පාලිත බෑග් (temperature-controlled insulated bags) එහි බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
එමඟින් පාරිභෝගිකයින්ට ශ්‍රී ලාංකේය, ඉන්දියානු, චීන, තායි සහ අරාබි ඇතුළු විවිධ ආහාර වර්ග මෙන්ම KFC, Pizza Hut සහ Domino’s වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් ද ආහාර ඇණවුම් කිරීමට හැකියාව පවතී.
එසේම දේශීය අවන්හල් හිමියන්ට සිය ව්‍යාපාර පුළුල් කිරීමටත්, බෙදාහැරීමේ හවුල්කරුවන්ට අමතර ආදායම් මාර්ග සොයා ගැනීමටත් මෙම ව්‍යාප්තිය මඟින් පහසුකම් සැලසෙන අතර උත්සව සමයේ පවතින ඉහළ ඉල්ලුම හමුවේ, මෙය නුවරඑළිය ප්‍රජාවට සුවිශේෂී ආර්ථික දායකත්වයක් සපයන බව වාර්තා වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා සමාගමේ බෙදාහැරීම් අංශයේ සාමාන්‍යාධිකාරී වරුණ විජේවර්ධන මහතා කියා සිටියේ,
“Uber Eats හරහා අපි පාරිභෝගිකයින්ට පහසුවෙන් ආහාර ලබාගැනීමේ අවස්ථාව සලසන අතරම, දේශීය අවන්හල් හිමියන්ට සහ බෙදාහැරීමේ හවුල්කරුවන්ට නව ආර්ථික අවස්ථා උදා කර දෙන්නෙමු.” යනුවෙන්.