ගණේමුල්ල සංජීව ඝාතනයට ජූලියන් අත්අඩංගුවට - ඝාතනය කරන්න කරලා තියන දේ මෙන්න!

By Shehan Mar 22, 2025 01:57 AM GMT
Report

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ ශාලාවන්හිදී ලබාදුන් තොරතුරුවලට අනුව, මෙම ඝාතනයට සහාය දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාතාල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට... (VIDEO) (UPDATE)

පාතාල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට... (VIDEO) (UPDATE)

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ ශාලාවන්හිදී ලබාදුන් තොරතුරු මත, මනුෂ්‍ය ඝාතනයකට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

2025 පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවත්, මේ වන විට මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

මහා පාරකින් හමුවූ මළ සිරුර

මහා පාරකින් හමුවූ මළ සිරුර

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.