මහා පාරකින් හමුවූ මළ සිරුර

By Zara Mar 21, 2025 04:40 PM GMT
Report

අද (21) උදෑසන 11.45ට පමණ වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේ වෙලේවත්ත, රම්‍යවීර මාවත අසල ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මියගිය පුද්ගලයෙක් මහ මඟ දමා ගොස් තිබෙනවා.

එම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිහිමූර්ජා වී සිටින බවයි අදාළ ස්ථානයට යාබද වූ නිවසෙහි හිමිකරුට ඔවුන් පවසා තිබෙන්නේ.

කෙසේ නමුත් එම අවස්ථාව වන විටත් අදාළ පුද්ගලයා මිය ගොස් සිට ඇති බව පැවසේ. මෙම සිදුවීම එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.

එහි දැක්වෙන්නේ එක් පුද්ගලයෙකු ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණෙන අතර, අනෙක් පුද්ගලයා විසින් මෘත ශරීරය බිමට ඇද දමන ආකාරයයි.

ප්‍රදේශවාසීන් 1990 හදිසි ගිලන් රථ සේවය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් එහි පැමිණිය ද මියගිය පුද්ගලයෙකු හේතුවෙන් ඔවුන් මෘත ශරීරය භාර නොගෙනම පිටව ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙසේ මහ මඟ දමාගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මෙලෙස මහ මඟ දමා යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ත්‍රීරෝද රථය සහ ත්‍රීරෝද රථ රියැදුරා සොයා වැල්ලම්පිටිය පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

මෝදි ලංකාවට එන දිනය ජනපති කියයි

මෝදි ලංකාවට එන දිනය ජනපති කියයි

දමිතාට අද ලැබුණු උසාවි නියෝගය!

දමිතාට අද ලැබුණු උසාවි නියෝගය!