තරුණ ජිවිත දෙකක් අකාලයේ අවසන් වූ මාරක අනතුරු..
By Piyumika
යාපනයේදී හා කිළිනොච්චියේදී සිදු වූ යතුරුපැදි අනතුරු දෙකකින් තරුණයින් දෙදෙනෙකු ඊයේ (11) මියගොස් ඇත.
කිළිනොච්චිය - පුනරීන් මාර්ගයේ පරමංගරෙයි ප්‍රදේශයේදී තරුණයෙකු ගමන් කළ යතුරුපැදියක් වාහනයක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන්කළ 27 හැවිරිදි තරුණයෙකු මෙසේ මියගොස් ඇත.
ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා මල්ලාවී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදු වූ වාහනයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
එමෙන්ම යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ තරුණයෙකුට සිය යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන පෙරලී යාම නිසා එම තරුණයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබුණි .
ඔහුගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත .
අනතුරු දෙකටම හේතුව තරුණයින් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම බව පොලීසිය පවසා ඇත .