ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට අද (12) පස්වරු 01 සිට හෙට (13) අලුයම 04 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ .
ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරනුයේ .
ඒ අනුව, අක්මීමන, පෝද්දල, හබරාදුව, අහංගම යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේය .