මුහුණු පොතේ හැමෝවම follow කරන්න යන්නේ මේවා දැනගෙන ද? අවුරුදු 2ක් followersලා 8000කින් ගහපු ගේම අධිකරණයේදී එළි වෙයි
අවුරුදු 2ක සිට සමාජ මාධ්‍ය, මුහුණු පොත හරහා ගිණුමක් සාදා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (28) දින නියෝග කර ඇත.
මෙසේ නියෝග කර ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි. ඒ අනුව වයස අවුරුදු විසි දෙකක් වයසැති තරුණයකු මෙසේ ඇප මත මුදා හැර ඇත.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ළමා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුලු නිලධාරීන් කියා සිටියේ මෙම සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක් තිස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙසේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ විකුණා මුදල් උපයා තිබෙන බවයි.
එසේම ළමා හා කාන්තා කාර්යාංශය දන්වා සිටියේ මෙම සමාජ මාධ්‍ය ගිණුමේ මේ වන විට 8000කට අධික පිරිසක් දක්නට ලැබෙන බවයි.