ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ දෙදෙනෙක් ගැන අද ලැබුණු අධිකරණ නියෝගය මෙන්න.
මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශන වලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, අනුව මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මෙම සිද්ධියට අදාළව අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවයි.
මේ අනුව එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
