මාරක රිය අනතුරු 2ක්..

By Piyumika Jul 31, 2024 04:33 AM GMT
Report

සිදුවු මාරක අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමි වී තිබේ .

පොලීසිය පැවසුවේ, ඊයේ දහවල් නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ නොච්චියාගම නගරයේ දී පුත්තලම සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරු පැදියක් බස් නැවතුමක නවතා තිබූ බස් රථයකට ඉස්සර කිරීමට ගොස් අනතුරක් සිදුව ඇති බවයි .

පිට පිටම පැරදිලත් සුරසැප විදින අයියලා අතර කුඩාම්මාගේ සැලකිලි ලැබෙන අසියානු ශූරී නංගිලා බස් එකෙන් ගෙවල් වලට..(VIDEO)

පිට පිටම පැරදිලත් සුරසැප විදින අයියලා අතර කුඩාම්මාගේ සැලකිලි ලැබෙන අසියානු ශූරී නංගිලා බස් එකෙන් ගෙවල් වලට..(VIDEO)

එම අවස්ථාවේ දී බසයට පිටුපසින් පැමිණි තවත් බස් රථයක් නවතා තිබූ බසයට හා යතුරුපැදියට ඉස්සර කිරීමේ දී යතුරුපැදියේ ගැටී ඇත.

එහිදී යතුරුපැදියේ පිටුපස සිටි කාන්තාව විසි වී ගොස් බස් රථයේ පිටුපස රෝදයට යට වී ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ගුවන්තොටුපොලේ අමතක වුණු මල්ල ගන්න ආපු විදේශිකයාට නොසිතූ දෙයක් සිදුවෙලා..

ගුවන්තොටුපොලේ අමතක වුණු මල්ල ගන්න ආපු විදේශිකයාට නොසිතූ දෙයක් සිදුවෙලා..

මේ අතර කුඹුක්ගැටේ ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ කුඹුක්වැව ප්‍රදේශයේ දී මඩගල්ල දෙස සිට ඉබ්බාගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව අනතුරක් සිදුව තිබේ.

යතුරුපැදිය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර, අනතුරින් 21 හැවිරිදි පුස්සැලිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.