අනේ අපොයි.! තෙල් ගහගන්න දීලත් නෑ..කමක් නෑ බීම එකක් වත් ගන්නවා කියලා ගියපු තරුණයන්ට අවසානෙට සිද්ධ වුණු දෙයක්..

By Piyumika Nov 24, 2024 04:06 AM GMT
Report

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ උහන පාලම් කඳවුර සහ උහන තිස්සපුර පදිංචි අවුරුදු 29ක් සහ 21 ක් වයස තරුණයන් දෙදෙනෙකි

අද දවසේ ප්‍රවේසමින්..බොහෝ ප්‍රදේශ වලට නොහිතන ලෙස අධික වර්ෂාපතනයකට අනතුරු ඇගවීම්..

අද දවසේ ප්‍රවේසමින්..බොහෝ ප්‍රදේශ වලට නොහිතන ලෙස අධික වර්ෂාපතනයකට අනතුරු ඇගවීම්..

රූපවාහිනී යන්ත්‍ර අළුත්වැඩියාකරන්නෙකුවන එක් සැකකරුවෙකු, රූපවාහිනී යන්ත්‍රයක් අළුත්වැඩියාකර පුද්ගලයෙකුගෙන් ලබාගත් රුපියල් 6000 ක මුදලින් රුපියල් 5000 නෝට්ටුව රැගෙන අනෙක් සැකකරු සමඟ යතුරු පැදියට ඉන්ධන ලබාගැනීම සදහා උහන නගරයේ ඉන්ධන පිරවුම්හලකට ගොස් ඇති අතර, එම 5000 නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව පවසා පිරවුම්හලෙන් ඉන්ධන ලබාදී නොමැතිබව, මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

හෙට ආරම්භ වන උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක් ..(VIDEO)

හෙට ආරම්භ වන උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක් ..(VIDEO)

ඉන්පසු ඔවුන් ඊයේ (23) රාත්‍රීයේදී උදයගිරිය මාර්ගයේ රටබීම අලෙවිසැලකට රුපියල් 5000 නෝට්ටුව ඉදිරිපත්කර ගොස් රටබීමබෝතල් ‍ දෙකක් ඉල්ලා ඇති අතර, මුදල් යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී, එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට තහවුරුවීමෙන් පසු පොලිසියට දැනුම්දීමෙන් පසු පැමිණි පොලිස් නිලධාරීන්, ප්‍රශ්න කිරිමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


You may like this video