කෙහෙළියගේ තවත් රුපියල් ලක්ෂ 200ක වත්කම් අත්හිටුවයි..

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ.

අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වේ.

අලුයම අගේ හිරිගඩු නංවමින් වෙඩි ප්‍රහාර කිහිපයක්...

අලුයම අගේ හිරිගඩු නංවමින් වෙඩි ප්‍රහාර කිහිපයක්...

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව ඊයේ (17) දින සිට අදාළ අත්හිටුවීම සිදුකිරීමට නියෝග කර ඇත.

තවද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කරගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම විමර්ශනයන්ට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් ගණනාවක් අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර ඇත.

You may like this video