අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

Report

රුපියල් 25000ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකි.

පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ..

පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ..

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ (03) සවස වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී සිදුකළ වැටලීමකදී මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත .

අද විශේෂ දවසක් කියලා ඔබ දැනගෙන සිටියාද..

අද විශේෂ දවසක් කියලා ඔබ දැනගෙන සිටියාද..

පැමිණිලිකරු විසින් ලබා දී ඇති අගුරු චෙක්පත් දෙකකට අදාලව මහබාගේ පොලිසි ස්ථානයට කර ඇති පැමිණිල්ල විභාග කර එම අගරු චෙක්පත්වලට අදාල ඉතිරි මුදල මාසික වාරික ගෙවීමට ඉඩ සලසා දීමට හා පැමිණිලිකරු අධිකරණය ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 25000.00 අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මතයි සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්ව ඇත්තේ.