ප්‍රංශ ගුවන්තොටුපොල අසල ලැව් ගින්නක් - ගිනි නිවන භටයන් දෙදෙනෙක් මරුට
By Mithu
ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි බෝර්ඩෝ ගුවන්තොටුපළ ආසන්නයේ හටගත් දැවැන්ත ලැව්ගින්නක් නිවීමට උත්සාහ කිරීමේදී ප්‍රංශ ගිනි නිවන භටයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගුවන්තොටුපළේ වාහන නැවැතුම්පොළ අසල පිහිටි ලඳු කැලෑවකින් ආරම්භ වූ මෙම ගින්න පසුව ශීඝ්‍රයෙන් පැතිර ගොස් ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලකට ද දැඩි ලෙස හානි සිදුකර ඇත.
ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා විශාල ලෙස ඝන දුමාරයක් පැතිර ගොස් ඇති අතර, එම තත්ත්වය හමුවේ බෝර්ඩෝ ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් කිහිපයක්ම ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුවිය.