වන් ගෝල් ෆේස් දොරටුව අසලදී ශබ්ද විකාශන යන්ත්‍ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට

Report

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කරමින් කිසිදු බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු නඩු භාණ්ඩ ද සමඟින් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඊයේ (15) රාත්‍රී 10.00 ට සහ 10.10 ට පමණ කොටුව පොලිස් වසමට අයත් 'වන් ගෝල් ෆේස්' සංකීර්ණයේ ඇතුළුවීමේ දොරටුව අසලදී බව සඳහන්.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10, පංචිකාවත්ත පාරේ පදිංචි වයස අවුරුදු 61ක් සහ හෙලමඩ, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයින් දෙදෙනෙක්.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට තිත - හදිසි අධිකරණ නියෝගයක්

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට තිත - හදිසි අධිකරණ නියෝගයක්

එසේම අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් භාරයේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර 2ක්, ඇම්ප්ලිෆයර් එකක්, වයරයක් සහිත මයික්‍රෆෝනයක් සහ මේ වෙනුවෙන් යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර, ලොරි රථය තුළ විශාල ලෙස වතුර බෝතල් සහ කුඩ තබා තිබූ බවත් පොලිසිය පැවසූ බව සඳහන්.

එබැවින් කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් මත සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන වෙනුවෙන් කිරුලපන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

ඥානසාර හිමියන් පිළිබඳව ජනපති ලේකම් දැන් දුන් තීරණය මෙන්න

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්