ආන්දෝලනාත්මක අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අකුරුගොඩ ප්‍රදේශයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත වයස අවුරුදු 20 සහ 24 වයස්වල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව බස්නාහිර පළාත් දකුණු අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් කොට්ටාවෙහිදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මේ අතර, ඔවුන් භාවිතා කළ බවට විශ්වාස කෙරෙන මෝටර් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.