අලි ඇතුන් මරා දැමිමට සුදානමක්..විශාල සත්ව සංහාරයකට නිවේදනයකුත් දාලා..

World
By Piyumika Oct 12, 2024 07:37 AM GMT
Piyumika

Piyumika

Report

පවතින දරුණු නියඟය හමුවේ, දැඩි කුසගින්නෙන් පෙළෙන මිනිසුන්ව පෝෂණය කිරීම සඳහා අලි ඇතුන් මරා දැමිය යුතු බවට අප්‍රිකානු රටවල් දෙකක් නිවේදනය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති නියඟය අතිශය දරුණු තත්ත්වයක පැවතීම හමුවේ මෙලෙස සතුන් මරා දැමිය යුතු බවට රජයන් තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

මීට ඉහත, එනම් අගෝස්තු මාසයේදී නැමීබියාව නිවේදනය කර තිබුණේ අලි ඇතුන් 83 ක්, හිපෝ 30 ක් සහ සීබ්‍රා 300 ක් ඇතුළුව සතුන් 723 දෙනෙකුගෙන් යුත් දැවැන්ත සත්ත්ව සංහාරයක් මිනිස් ආහාර වෙනුවෙන් ආරම්භ කළ බවයි.

ඉන් පසුව සිම්බාබ්වේ ද අලි ඇතුන් 200ක් ඝාතනය කිරීමට අවසර ලබාදී තිබුණා.

මෙවන් මතභේදාත්මක තීරණයකට මුල පුරමින් එම රාජ්‍යයන් ප්‍රකාශ කළේ වසර 100 කට පසු මුහුණ දෙන දරුණුතම නියඟයේ බලපෑම් සමනය කිරීමටත්, සතුන් ආහාර සොයා මිනිස් ජනාවාසවලට ඇදී ඒම වළක්වා ගැනීමටත් මෙම ඝාතන උපකාර වන බවයි.

කාලගුණේ නිසා හැටට හැටේ බැස්ස එළවලු මිල ..

කාලගුණේ නිසා හැටට හැටේ බැස්ස එළවලු මිල ..

කෙසේ නමුත් සත්ත්ව හිතවාදී සංවිධාන මෙම තීරණ එකහෙළා විවේචනය කර ඇත්තේ මෙවන් පිළියම් කුරිරු, කෙටි කාලීන සහ භයානක පූර්වාදර්ශයක් ලෙස හුවාදක්වමිනි.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි, දකුණු අප්‍රිකාව මුහුණ දෙන තත්ත්වය ඉතා භයානක ය. වගාවන් අසාර්ථක වී ඇති අතර මිලියන 70 කට ආසන්න ජනතාවක් ආහාර අවශ්‍යතාවෙන් පෙළෙයි.

රාජපක්ෂලාට මොකක්ද වුනේ..අවුරුදු 88කට පස්සේ පවුල් දේශපාලනය ඉවරද..

රාජපක්ෂලාට මොකක්ද වුනේ..අවුරුදු 88කට පස්සේ පවුල් දේශපාලනය ඉවරද..

පවතින තත්ත්වය හමුවේ සිම්බාබ්වේ අප්‍රේල් මාසයේදී ජාතික ව්‍යසන තත්ත්වයක් ලෙසත් ප්‍රකාශයට පත්කර තිබුණා. පසුව නැමීබියාව ද මැයි මාසයේදී හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබුණේ, නියඟය හේතුවෙන් එහි ජනගහනයෙන් අඩක් පමණ ඉහළ මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දීම නිසාවෙනි.