රාජපක්ෂලාට මොකක්ද වුනේ..අවුරුදු 88කට පස්සේ පවුල් දේශපාලනය ඉවරද..

Report

 වසර 88 කට පසු මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලේ කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂයක්.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේකෂයෙකු ලෙස ඩී.එම්.රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලන ආරම්භ කළ රාජපක්ෂ පවුල මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය නොකිරීම දැඩි කතාබහට ලක්වන කරුණකි.

මහ මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි ..

මහ මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි ..

ඩී.ඒ.රාජපක්ෂ, ලක්ෂමන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිරුපමා රාජපක්ෂ, ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් ලෙස වරින් වර ඉදිරිපත් වී තිබුණා.

හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙවර මැතිවරණයට ඉදිරිපත් වුවද ඔහු මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයෙක් නොවේ.

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෝටර් රථයක් රාජසන්තක කරයි..

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙහි නම සඳහන් කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ විසින් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවීමට හේතුව ලෙස ඔහුගේ සමීපතයින් වෙත පවසා තිබෙන්නේ ඩී.වී.චානක හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාව ලබා දීම සඳහා බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නාම යෝජනා ලබා දීම සිදු වුයේ ඩී.වී.චානකගේ ප්‍රධානත්වයෙන්.