තුර්කියට ප්‍රබල භූමිකම්පාවක් [PHOTOS]

Report

එරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 7:53ට වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබේ.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

මෙම භූමිකම්පාව තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇති අතර තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිවේදනයක්ද නිකුත් කර ඇත.

සිදුවූ භුම්කම්පාවෙන් දැනට එක් අයෙකු මියගොස් ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා පවසයි.

අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

අගමැතිනි හරිනි නිසා මාලිමාව දෙකට කැඩෙයි? මාලිමාවට 2/3 බලයත් අහිමිද?

සිදුවූ සමස්ත හානිය තවම විමර්ශනය කරන අතර තවත් 29 දෙනෙකු තුවාල ලබා ,ගොඩනැගිලි 16ක් පමණ කඩාවැටී ඇති බව වාර්තා වේ.

මින් පෙර 2023 වසරේ පෙබරවාරි මස ඇතිවූ ප්‍රබල භුමිකම්පවෙන්ද එරට වැසියන් 53000 කට ප්‍රමාණයක් මියගොස් පුරාණ අන්තියෝකියා නගරයේ කොටසක් ද විනාශ වී ගියේය. 

GalleryGallery