ඉන්ධන, විදුලිය, ගෑස් මිල අඩු වෙද්දී - ටියුෂන් ගාස්තු ඉහළ ගිය තරමක්.

G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Grade 05 Scholarship examination Sri Lankan Schools Education
By Wayomi Jun 13, 2024 01:45 PM GMT
Wayomi

Wayomi

Report

රුපියල ශක්තිමත් වීම මෙන්ම ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු බොහෝ භාණ්ඩ හා සේවා ගාස්තු පහළ ගිය ද අසීමිත ලෙස ඉහළ දැමූ පෞද්ගලික පංති ගාස්තු පහළ දැමීමට, අමතර පංති ගුරුවරුන් කටයුතු නොකිරීම නිසා අහිංසක දරුවන් මෙන්ම දෙමවුපියෝ ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට ආර්ථිකය කඩාවැටී භාණ්ඩ හා සේවා ගාස්තු අසීමිතව ඉහළ ගිය, පසුගිය වසර කීපයේදී බොහෝ අමතර පංති ගාස්තු මිල ගණන් ඉහළ දැමීමට, අමතර පංති ගුරුවරුන් කටයුතු කර ඇත.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.


දෙමවුපියන් පවසන්නේ, මේ වන විට රටේ ආර්ථික තත්ත්වය යම්තාක් දුරකට යහපත් අතට හැරෙමින් තිබියදීත් අසීමිතව ඉහළ දැමූ අමතර පංති ගාස්තු අඩු කිරීමට බොහෝ ගුරුවරුන් කටයුතු නොකිරීම බලවත් අසාධාරණයක් බවයි.

මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.

මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.


අමතර පංති ගාස්තු මිල ගණන් ඉහළ දැමීම වැඩි වශයෙන් සිදුවූයේ අපොස උසස් පෙළ පංති සඳහාය. රටේ ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමගම රුපියල් 1000ත් 1500ත් අතර පැවැති අමතර පංති ගාස්තු රුපියල් 3000ත් 5000ත් අතර මිල ගණන්වලින් ඉහළ නැංවීමට අමතර පංති ගුරුවරු කටයුතු කර තිබෙනවා.

මෙම මිල ගණන් ඉහළ දැමීමට සමගාමීව අපොස සාමාන්‍ය පෙළ පංති ගාස්තු මෙන්ම, ශිෂ්‍යත්ව පංති ගාස්තු ද විශාල වශයෙන් ඉහළ දැමීමට එම ගුරුවරු පියවර ඇති බවයි වාර්තා වන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.