ඉරාන ලොක්කෝ අපේ බුද්ධි අංශ නිසා පන බයේ - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Report

ඉරානයේ සියලුම ඉහළ පෙළේ නායකයින් සිටින ස්ථාන පිළිබඳව ඇමෙරිකානු බුද්ධි අංශ ඉතා දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, ඇමෙරිකාවේ එම අධීක්ෂණය හමුවේ ඉරාන නායකත්වය පසුවන්නේ දැඩි බියකින් බවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ආන්දෝලනාත්මක අදහස් පළ කර තිබේ.

ලංකාවේ රත්තරන් මිල වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රත්තරන් මිල වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

තමන්ට අවශ්‍ය ඕනෑම මොහොතක ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇමෙරිකාව සතුව පවතින බව පැවසූ ට්‍රම්ප්, ඉරාන හමුදා ප්‍රධානීන්ට සහ බුද්ධි අංශ ලොක්කන්ට ඇමෙරිකානු බුද්ධි අංශවලට හොරෙන් වැසිකිළියට පවා යාමට නොහැකි තරමට තදින් ඔවුන්ව නිරීක්ෂණය කරන බව ද සඳහන් කළේය.

ඇමෙරිකාව තමන් දෙස නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ඉරාන නායකයින් හොඳින්ම දන්නා බවත්, එම තත්ත්වය හමුවේ ඔවුන් දැඩි නොසන්සුන්තාවකින් පසුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර ඇත.

වාහන ආනයනය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් ලංකාවම ගොඩ

වාහන ආනයනය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් ලංකාවම ගොඩ