වාහන ආනයනය පිළිබඳව ශ්රී ලංකා රේගුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් ලංකාවම ගොඩ
2026 වසරේ ජූනි 30 වන විට ශ්රී ලංකා රේගුවේ අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 1,060,559ක් වුවද, ඒ වන විට රුපියල් මිලියන 1,379,084ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් ප්රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්රී ලංකා රේගුවේ ආදායම් තත්ත්වය සහ ඉදිරි කටයුතු පසුගියදා සමාලෝචනය කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
ලබාගත් මෙම සමස්ත ආදායම ප්රතිශතාත්මකව අපේක්ෂිත ඉලක්කයෙන් සියයට 130ක විශිෂ්ට ප්රගතියක් බව ද මෙහිදී සඳහන් විය.
ඒ අනුව 2026 වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති අතර, 2025 වසර හා සංසන්දනය කිරීමේදී ද සෑම මසකම ඉහළ ප්රගතියක් සටහන් කර ඇති බව අදාළ දත්ත මඟින් කාරක සභාවට පෙන්වා දී තිබේ.
2026 වසරේ වාහන ආනයනය පිළිබඳව කරුණු දක්වමින් නිලධාරීන් සඳහන් කළේ ජූනි 30 වන විට වාහන 316,000ක් මෙරටට ආනයනය කර ඇති බවයි.
එමඟින් රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් රජයට ලැබී ඇති අතර, ඉන් වැඩිම බදු ආදායම වන රුපියල් මිලියන 386,726ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය කිරීමෙනි.
වැඩිම රේගු ආදායමක් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ ප්රථම ස්ථානය හිමිව ඇත්තේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු පෙට්රල් මෝටර් රථ සඳහා වන අතර, එමඟින් ලැබුණු ආදායම රුපියල් බිලියන 137.4කි.
එය ශ්රී ලංකා රේගුව ලැබූ සමස්ත ආදායමෙන් සියයට 9.96ක ප්රතිශතයක් බව ද කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය විය.
දිල්හානි ඔයාට ගොඩක් ආදරෙයි - බුකියම කලඹමින් ආණ්ඩුවේ ප්රබල ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන් දිල්හානිට ආන්දෝලාත්මක ප්රකාශයක්
මීට අමතරව, ආනයනික බහාලුම් පරීක්ෂා කිරීමේ ක්රමවේද, ශ්රී ලංකා රේගුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග සහ ඉදිරි උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු කර ඇත.