කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ඇමෙරිකානු ජනාධිපතිගෙන් තර්ජනයක්
එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙකු කොලොම්බියාව පාලනය කරන බවයි.
එලෙස සදහන් කර ඇත්තේ ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය විමසීමකදීය.
ඒ අනුව ඔහුට එම කටයුත්ත වැඩි කාලයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි ආධිපත්‍ය දරන බවත් මෙක්සිකෝව සම්බන්ධව අදහස් දක්වමින් ට්‍රම්ප් සදහන් කර ඇත.
මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා වෙනිසියුලාව සම්බන්ධව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ වෙනිසියුලා පරිපාලනයේ ඉතිරි සාමාජිකයින් එක්සත් ජනපදය විසින් රට ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට සහය නොදක්වන්නේ නම් එරටට එරෙහිව දෙවන හමුදා ප්‍රහාරයද දියත් කිරීමට හැකි බවයි.