ප්‍රහාර නවත්තන් නෑ සියලු අරමුණු ඉටුවෙන තෙක් ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් දැඩි තීරණයක් ගනියි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සියලු අරමුණු සපුරා ගැනෙනතුරු ඉරානයට එරෙහිව ප්‍රහාර ක්‍රියාත්මක කරන බවයි.
ඔහු, අමෙරිකානු සන්නද්ධ බලකායන්ට තවදුරටත් ජීවිත හානි සිදුවිය හැකි බවද අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ඉරානයේ නව නායකයින් සමග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති අතර, මෙම සාකච්ඡා ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු සදහන් කරයි.
මෙම පසුබැසීම අතර, ඊයේ දිනයේදී ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත අමෙරිකානු ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරවලින් ඉරාන නාවික හමුදාවට අයත් නැව් 9ක් විනාශ වී ඇති අතර, ඉරානය විසින් ප්‍රති ප්‍රහාරයක් ලෙස බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු තෙල් නැව් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.