ලෝක සාමය බිඳ වැටෙන ලකුණු - ඕමානයට බෝම්බ එල්ල කරනවා - ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තර්ජනයක්

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පමුණුවන්නේ නම්, අමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති බවයි.

විදෙස් නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර ඇති අතර "ඕමානය අපේ ගමනට හරස් වුවහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා," යනුවෙන් ඔහු පවසා ඇත.

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

ලෝක ආර්ථිකයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඕමානය වෙන් වෙන් වශයෙන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින පසුබිමක මෙම තර්ජනය එල්ල වී ඇත.

ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය, පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉරානය විසින් අවහිර කරනු ලැබීය.

ඕමානය මෙම ගැටුමේදී මධ්‍යස්ථ රටක් ලෙස පෙනී සිටින අතර, මුහුදු මාර්ගය විවෘත කිරීම සඳහා ඉරානය සමඟ සාර්ථක එකඟතාවකට පැමිණීමට ආසන්න බව ඉරාන බලධාරීන් පවසා තිබුණි.

මේ රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - දීමනා හා ඉල්ලීම් අයවැයෙන් ලබාදීමට ජනපති පොරොන්දු වෙයි

මේ රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - දීමනා හා ඉල්ලීම් අයවැයෙන් ලබාදීමට ජනපති පොරොන්දු වෙයි

කෙසේ වෙතත්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සමඟ තමන්ට සෘජු සබඳතාවක් පවතින බව ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. එහෙත් IRGC ප්‍රකාශකයෙකු ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය වහාම ප්‍රතික්ෂේප කර තිබේ.

අමෙරිකානුවන් සහ IRGC නිලධාරීන් අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය යුද්ධයේ පරාජය හමුවේ ඔහු දකින "සිහිනයක්" සහ "අමූලික බොරුවක්" බවත් ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.

මේ අතර, ඉරානයට කිසිදු ආකාරයකින් න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ නොදෙන බව සිය ප්‍රධානතම අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ජාලය හරහා යළිත් අවධාරණය කර තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව BBC පුවත් වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.