ප්‍රබල කණ්ඩායමකට ජනාධිපතිගෙන් තර්ජනයක්...සිකුරාදා දහවල් 12.00 වන විට කී දේ වුනේ නැත්තම් දැඩි තීරණයක්..

Donald Trump World Israel-Hamas War Gaza
By Piyumika Feb 11, 2025 05:42 AM GMT
Piyumika

Piyumika

Report

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් එකවර නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවිධානය වේට දැනුම් දී තිබෙනවා.

එළඹෙන සිකුරාදා දහවල් 12.00 වන විට එම සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

පරස්තාව නම් හරි දැන්..දුක් වේවි හිටපු කාලය ඉවරයි.. අලුතින් විවාහ වුණු අයට මෙන්න සුබම සුබ ආරංචියක්...

පරස්තාව නම් හරි දැන්..දුක් වේවි හිටපු කාලය ඉවරයි.. අලුතින් විවාහ වුණු අයට මෙන්න සුබම සුබ ආරංචියක්...

එසේ නිදහස් නොකළහොත් ජනවාරි 19 සිට ක්‍රියාත්මක වන සටන් විරාමය අවලංගු කරන බවට ද ඔහු අනතුරු අඟවා තිබෙනවා. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් කුඩා කණ්ඩායම් වශයෙන් නොව සියලුම දෙනාම එකවර නිදහස් කළ යුතු බවයි.

එමෙන්ම තමා යෝජනා කළ කාලරාමුව පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ යළිත් සාකච්ඡා කරන බවයි ට්‍රම්ප් පැවසුවේ.

නාමල්ගෙන් කථානායකට ඉල්ලීම් ලිපියක්...පත්කළහොත් සහාය දක්වන්න කැමති කියලත්..

නාමල්ගෙන් කථානායකට ඉල්ලීම් ලිපියක්...පත්කළහොත් සහාය දක්වන්න කැමති කියලත්..

හමස් සංවිධානය සිදුකළ මෙම තර්ජනයට හේතුව කුමක්දැයි ට්‍රම්ප් විස්තර නොකළ අතර, ඊට හේතුව හමාස් සංවිධානය සොයාගනු ඇති බවයි ඔහු වැඩිදුරත් පවසා සිටියේ.

මේ අතර එක්සත් ජනපදය ගාසා “අත්පත් කර ගැනීම” සඳහා වූ ඔහුගේ මතභේදාත්මක සැලැස්ම යටතේ පලස්තීනුවන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් මිත්‍ර පාක්ෂික ජෝර්දානය සහ ඊජිප්තුව සඳහා ආධාර නතර කරන බවට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කර තිබෙනවා.

You may like this video

ReeCha