දකුණු නෝර්වේවල ජනතාව කැළඹෙයි - දැවැන්ත ගින්නකින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි - වහාම ජනතාව ඉවත් කරයි

By Kaushi Jul 18, 2026 06:01 AM GMT
Report

දකුණු නෝර්වේහි ඩ්‍රම්මන් නගරය අසල ඊයේ(18) දින ඇති වූ ගින්නකින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වේ. එසේම දැඩි සුළං මධ්‍යයේ ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට සටන් කළ බව ගලවා ගැනීමේ නිලධාරීන් සඳහන් කරයි.

ඔස්ලෝ සිට කිලෝමීටර් 50ක් (සැතපුම් 30ක්) පමණ බටහිරින් පිහිටි ප්‍රදේශය ඝන කළු දුමාරයකින් වැසී ගිය ද ගින්නෙන් තුවාල ලැබූවන් හෝ පුද්ගලයින් අතුරුදහන් වූ බවට වාර්තා වී නොමැති බවත් එය අසල්වැසි ටෙරස් නිවාසවලට බලපෑ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මෙම ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් 60 කට වැඩි පිරිසක් කටයුතු කළ අතර, ගින්න නිවා දැමීමට හෙලිකොප්ටර් යානා යොදවා තිබුණි.

සුනාමියක් එනවද නැද්ද? දකුණු මෙක්සිකෝව කැළඹූ අති ප්‍රබල භූ කම්පනය නිසා කළ සුනාමි අනතුරු ඇඟවීම ගැන දැනුම්දීමක්

සුනාමියක් එනවද නැද්ද? දකුණු මෙක්සිකෝව කැළඹූ අති ප්‍රබල භූ කම්පනය නිසා කළ සුනාමි අනතුරු ඇඟවීම ගැන දැනුම්දීමක්

කෙසේ වෙතත් ගින්න දිගටම ඇවිළෙමින් අවට වනාන්තරයට ද පැතිර යාමත් සමඟ පොලිසිය සිය ගණනක් ජනතාව ඉවත් කිරීමට කටයුතු ක‍ළ බව සඳහන්.

එසේම මෙතෙක් ගින්න ආරම්භ වූයේ කොහෙන්ද හෝ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බව වාර්තා වේ.  

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ