නව රජයෙන් හැමෝටම පොදුවේ සමරන්න පුළුවන් දිනයක් මෙන්න

Report

 ලාංකිකයන්ට එකට එක්ව සැමරිය හැකි ශ්‍රී ලාංකික දිනයක් (Sri Lankan Day) ඉදිරියේදී නම් කර පවත්වන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පැවසීය.

ඔහු සඳහන් කළේ, බොහෝදුරට එළැඹෙන දෙසැම්බර් මාසයේදී මෙම දිනය සැමරිය හැකි වනු ඇතැයිද සාකච්ඡාවකින් පසු පැවැත්වීමට සුදුසු ප්‍රදේශය පිළිබඳ තීරණය වන බව ය. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

සියලු ශ්‍රී ලාංකිකයන්ට වාර්ගික, ආගමික හා සංස්කෘතික භේදයකින් තොරව එකට එක්ව වැලඳගත හැකි දිනයක් නම් කිරීමට ජනාධිපතිවරයා කාලයක සිට බලාපොරොත්තුවෙන් පසුවන බව ද හෙතෙම පැවසුවේය.

ඒ ඒ ප්‍රදේශවල සංචාරය කරමින් ජනතා අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් පසු මෙය ක්‍රියාවට නන්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට