ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා

Report

ඉදිරි වසර තුළ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ස්ථීර සාම ගිවිසුමකට එළඹීමේ වැඩි අවස්ථාවක් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

අමෙරිකාවේ ධවල මන්දිරය තුළ පැවති හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම සාම ක්‍රියාවලිය තමන් මැදිහත් වන අනෙකුත් ජාත්‍යන්තර අර්බුදවලට වඩා “සාපේක්ෂව පහසු” එකක් විය හැකි බවය.

ලෝකෙටම සුභ ආරංචියක් - ඊශ්‍රායල ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ

ලෝකෙටම සුභ ආරංචියක් - ඊශ්‍රායල ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ

එමෙන්ම ඉරානය විසින් හිස්බුල්ලා වෙත ලබාදෙන මූල්‍ය ආධාර පිළිබඳව ද ඔහු අවධානය යොමු කර ඇත.

ඉදිරි කාලයේ ඉරානය සමඟ ඇති කර ගන්නා ඕනෑම එකඟතාවයකදී එවැනි අරමුදල් නතර කිරීම අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් අවධාරණය කළේය. දැනට ක්‍රියාත්මක සති තුනක සටන් විරාම කාලය තුළ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් ධවල මන්දිරයේදී හමුවීමට ඉඩ ඇති බවද ඔහු පැවසීය.