ලෝකෙටම සුභ ආරංචියක් - ඊශ්‍රායල ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ

Report

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින තාවකාලික සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ධවල මන්දිරයේ දෙරටේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡා සාර්ථක බවත්, ලෙබනනය යළි ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට තමන් උපකාර කරන බවත්, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - දැන්ම දැනුවත් වෙන්න

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - දැන්ම දැනුවත් වෙන්න

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය ද මෙලෙස දීර්ඝ කර ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසුවයි. කෙසේ වෙතත්, ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමට තමන් දැඩි උනන්දුවකින් පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත.

සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මේ සඳහා තමන්ට ඕනෑ තරම් කාලය ඇති නමුත් ඉරානයට එසේ නොමැති බවයි.

අද පස්වරු 1න් පසු රටටම මේකයි වෙන්නේ - අවදානයෙන් කටයුතු කරන්න

අද පස්වරු 1න් පසු රටටම මේකයි වෙන්නේ - අවදානයෙන් කටයුතු කරන්න