බුද්ධි තොරතුරු සත්‍ය ද? දහස් ගණන් මැරීන් භටයින් ගෙන්න ගෙන ට්‍රම්ප් දත කන සැලැස්ම ගැන ලෝකෙම ප්‍රශ්න කරයි
ඉරානය සමඟ "යුද්ධය ජයගෙන ඇති" බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබියදීත්, ගොඩබිමේ සහ දියෙහි ගමන් ගන්නා යුද නැව්, ගොඩබෑමේ යාත්‍රා සහ දහස් ගණනක් මැරීන් භටයින් සහ නාවිකයින් කලාපයට යොදවා ඇත්තේ කාර්ග් දූපත අල්ලා ගැනීමට දැයි යුද විශේෂඥයින් ප්‍රශ්න කරන බව CNN පුවත් සේවාව වාර්තා කරයි.
ඒ අනුව ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ හසුරුවන ටෙහෙරානයේ ආර්ථික ජීවනාලියක් වන කාර්ග් දූපත අල්ලා ගැනීමට එක්සත් ජනපදය සැලසුම් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙම මැරීන් භටයින් දහස් ගණනක් යෙදීම පිළිබඳ සැක මතු වී ඇති බව සඳහන්.
එමෙන්ම වොෂින්ටනය කුඩා නමුත් උපාය මාර්ගික දූපත සාර්ථකව අත්පත් කර ගත්තද, ගෝලීය බලශක්ති අර්බුදයක් මධ්‍යයේ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානයට බල කිරීමට මෙය එක්සත් ජනපදයට ප්‍රමාණවත් උපාය මාර්ගයක් දැයි විශේෂඥයින් ප්‍රශ්න කරන බවත් සඳහන්.
එසේම මින් පෙර ඇමෙරිකානු හමුදා විසින් ඉරානයට අයත් උපායමාර්ගිකව වැදගත් කර්ග් දූපත (Kharg Island) ආක්‍රමණය කිරීමේ සූදානමක් පවතින බවට ලැබී ඇති බුද්ධි තොරතුරු මත එහි ආරක්ෂාව දැඩි කිරීමට ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පියවර ගෙන තිබුණා.