ජූලි 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදී 25% ක නව තීරු බද්දක් - යුද ගිනි මැද ට්‍රම්ප් පරිපාලනයෙන් නිවේදනයක්
අසාධාරණ වෙළඳ පිළිවෙත් හේතුවෙන් බ්‍රසීලයෙන් ආනයනය කරන ඇතැම් භාණ්ඩ සඳහා 25% ක නව තීරු බදු අය කරන බව ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර ඇති බව සඳහන්.
ඒ අනුව වෙළඳ පනතේ 301 වගන්තිය මත පදනම්ව, එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය ඉකුත් බදාදා(15) දින මෙම තීරණය ගෙන ඇත.
අඳාළ නිවේදනයේ ඩිජිටල් වෙළඳාමේ සිට නීති විරෝධී වන විනාශය දක්වා විවිධ ක්ෂේත්‍රවල ඇතැම් බ්‍රසීලියානු පියවර අසාධාරණ බව වසරක් පුරා සිදු කරන ලද විමර්ශනයකින් තීරණය වූ බව සඳහන්.
එසේම මෙම පියවර අසාධාරණ බවත් ඇමරිකානු සේවකයින්ගේ සහ අපනයනකරුවන්ගේ ව්‍යාපාරික කටයුතු සීමා කරන බවත් එහි දක්වා ඇත. ඒ අනුව මෙම ගාස්තු ජූලි 22 වන දින සිට ක්‍රියාත්මක වන අතර කෝපි සහ හරක් මස් මෙම පියවරෙන් නිදහස් කර ඇති අයිතම අතර වන බව සඳහන්.
මේ අතර බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ කාර්යාලය සඳහන් කළේ "ඒකපාර්ශ්වික" ඇමරිකානු තීරණයට කිසිදු සාධාරණීකරණයක් නොමැති බවයි.
එසේම බ්‍රසීලයෙන් ආනයනය කරන බොහෝ භාණ්ඩ සඳහා 25% ක නව තීරු බදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණය, බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ කාර්යාලය විසින් "ශෝකජනක සන්ධිස්ථානයක්" ලෙස නම් කර තිබෙනවා.
ඒ, "ඇමරිකානු රජය විසින් අද ප්‍රකාශයට පත් කරන ලද තීරණය බ්‍රසීල රජය ප්‍රතික්ෂේප කරයි," කාර්යාලය පැවසීය . "අපේ රටට එරෙහිව ඒකපාර්ශ්වික පියවර ගැනීම සාධාරණීකරණය කළ නොහැක." යනුවෙන්.
එමෙන්ම ට්‍රම්ප්ගේ නව තීරුබදු උපාය මාර්ගය යටතේ ඉලක්ක කරගත් පළමු රට බ්‍රසීලය බව ද වාර්තා වේ.