ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන නිකුත් කිරීම වෙනුවෙන් පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව සඳහන් කරයි.

ඒ අනුව එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම නිසා මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.

එසේම ඔහු පෙන්වා දුන්නේ QR ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඉන්ධන මෙන්ම ඩොලර් සංචිතයේද පාලනයක් පවතින බවයි.

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

වාහන මිල ගණන් සහ වෙළඳපොළ කැළඹෙන තීන්දුවක් - අගෝස්තු 15 න් පස්සේ වාහන හීනෙට වෙන දේ

තවද යළි යුදමය තත්ත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පොලිම් ඇතිවීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසුවා.

මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යළි ඇතිව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා ඇතිව නොමැති බවයි.

එසේම ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු කියා සිටියා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

ලංකාවම බලන් හිටිය සුමති සම්මාන උළෙලේ කිරුළු පැළඳූ නළු නිළියන් මෙන්න

ලංකාවම බලන් හිටිය සුමති සම්මාන උළෙලේ කිරුළු පැළඳූ නළු නිළියන් මෙන්න