සැබෑ සාමය ගැටුම් නැති කිරීමෙන් පමණක් නොවේ - ආරක්ෂක ලේකම්

Report

සැබෑ සාමය ගැටුම් අවසන් කිරීමෙන් පමණක් නොව, සංවාද, අන්‍යෝන්‍ය අවබෝධය හා නිර්මාණාත්මක ප්‍රවේශයන් තුළින් ගොඩනැගෙන සම්බන්ධතා හරහා ලැබෙන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තෙයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසයි.

බීජිංහි පැවති 12 වැනි Xiangshan සමුළුවේදී ඔහු මෙය පැවසූ අතර, සියලු ජාතීන්ගේ ආරක්ෂක අපේක්ෂාවන්ට ගරු කරමින් සාකච්ඡා ඔස්සේ මතභේද විසඳිය යුතු බව චීන ජනාධිපති Xi Jinping ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සඳහන් කළේය.

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය වැදගත්කම ඉස්මතු කළ ලේකම්වරයා, ඉන්දියානු සාගර කලාපය සාමකාමී හා ගැටුම් රහිතව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී ඇති බව අවධාරණය කළේය. එසේම, ආසියානු හා බටහිර රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා ගොඩනැගීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්, චීනය සමඟ වසර 70කට වැඩි මිත්‍රත්වය හා චීන රජයේ සහයෝගය පිළිබඳවත් ඔහු පැසසුමට ලක් කළේය.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්


Gallery