කස්සප හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් අද උසාවියට
අද (11) දින ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අදාල සිදුවීම සම්බන්ධයෙන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරන්නේ ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක්ය.
මොවුන්ව පසුගිය 9 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල ආවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීන්දු කළේය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.