කනගාටුව පළ කරමින් ත්‍රි'මලේ සිද්ධිය ගැන ඉත්තෑපානේ හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Report

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කුලපති, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ විසින් ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බව එම ලිපියේ උන්වහන්සේ සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වේනුයේ, මෙම භික්ෂූන් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කළේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැක ගත්, සසුනට පූජා කරන ලද මෙම පින්බිමේ දී වන බවත් ඔවුන් පහරකෑමට ලක්වූයේ ද බුදු පිළිමයක් තැබීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදු කිරීමෙන් නොවන බවත්ය.

ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර හමුවක්

ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර හමුවක්

එම ලිපියේ සඳහන් වැඩිදුරටත් සඳහන් වනුයේ, මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට, රජයේ මැදිහත්වීම ද ඇතුළුව කරන ලද මෙම ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව තමාගේ විශ්වාසය වන බවද වේ.

එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය හරහා උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින් උපුටා දක්වා ඇත.

පොලිසියෙන් රට වටේම දැවැන්ත මෙහෙයුමක් - මෙන්න විස්තරේ

පොලිසියෙන් රට වටේම දැවැන්ත මෙහෙයුමක් - මෙන්න විස්තරේ

Gallery