ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන සේවා ගැන දැනුවත් කිරීමක්
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කර තිබේ.
එම අමාත්‍යංශය සදහන් කළේ මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර තිබේ.
මේ අතර අවුරුදු සමයේ මගීන්ගෙන් වැඩි මුදල් අයකරන බස්රථ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.